ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන්, නව රුපියල් 2,000 ක සමරු මුදල් නෝට්ටුවක් අද (29) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වා තිබේ.
මෙම සමරු මුදල් නෝට්ටුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද පස්වන සමරු මුදල් නෝට්ටුව වන අතර, “සෞභාග්‍යය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාව යටතේ නිකුත් කර ඇත. එය ජාතික සංවර්ධනය සඳහා ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට මහ බැංකුව දක්වන කැපවීම පිළිබිඹු කරයි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි කේ. එම්. ඒ. එන්. දවුලගල, සහකාර අධිපති කේ. ජී. පී. සිරි කුමාර සහ මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී පී. ඩී. ආර්. දයානන්ද යන මහත්ම මහත්මීන්ද සහභාගී වී ඇත.