ඉන්දියාවේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග මීටර් 86.50ක දක්ෂතාවක්

ඉන්දියාවේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග මීටර් 86.50ක දක්ෂතාවක් දක්වමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මෙම දක්ෂතාව ඔහු වාර්තා කළේ ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික ටුවර් – ලෝකඩ තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පළමු වටයේදීය.

මෙම නව වාර්තාවට පෙර පැවති ජාතික වාර්තාව වූයේ මීටර් 85.78ක් වන අතර එය සුමේධ රණසිංහ සතු විය. රුමේෂ් තරංගගේ මෙම දක්ෂතාව හේතුවෙන් ඔහුට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියටද සුදුසුකම් ලැබීමට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *