ඉතාලියේ වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඉතාලි වෙරළාරක්ෂක බළකාය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සඳහන් කර ඇත්තේ, ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී මෙම අනතුර සිදුව ඇති බවයි. බෝට්ටුවේ සිටි තවත් 10 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර, 60 දෙනෙකු බේරාගෙන තිබේ.
දිවි බේරාගත් අය පවසා ඇත්තේ, බෝට්ටුවේ 90 ත් 100 ත් අතර සංක්‍රමණිකයන් පිරිසක් සිටි බවත්, ඔවුන් ලිබියාවේ සිට පැමිණෙමින් සිටි බවත්ය. අධික බර හේතුවෙන් බෝට්ටුව පෙරලී ඇති බවට විශ්වාස කෙරේ.
මධ්‍යධරණී මුහුද හරහා අප්‍රිකාවේ සිට යුරෝපයට පැමිණෙන මෙම සංක්‍රමණික මාර්ගය ලෝකයේ වඩාත්ම භයානක එකක් ලෙස සැලකේ. මෙම වසරේ පමණක් මේ මාර්ගයේ ගමන් කළ සංක්‍රමණිකයන් 675ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.