අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං බලාපොරොත්තු වේ.

අද (17) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ ද ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *